
අද සවස 1න් පසු ගිගුරුම් සහිත වැසි – ප්‍රදේශ කිහිපයකට අකුණු අනතුරු අවදානම
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල අද ( ) පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලත්, පුත්තලම දිස්ත්‍රික්කය තුළත් උදෑසන කාලයේදී සැහැල්ලු වැසි ඇතිවිය හැකි බවත් සඳහන් වේ.
සබරගමුව පළාත සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි අනාවැකි පෙන්වා දෙන්නේ.
මේ අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.
තවද මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් ඇතිවිය හැකි බව ද කාලගුණ අංශය පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.



