ප්‍රධාන පුවත්

මුහුදු ජලය පිරිපහදු ව්‍යාපෘති 3ක් ජලසම්පාදන මණ්ඩලය යටතේ – සුසිල් රණසිංහ

මුහුදු ජලය පිරිපහදු ව්‍යාපෘති තුනක් මේ වනවිට ජලසම්පාදන මණ්ඩලය යටතේ පවතින බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

වත්මන් වියළි කාලගුණික තත්ත්වය සහ ඊට මුහුණදීම සඳහා රජය ගෙන ඇති සූදානම සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් දිනකට දළ වශයෙන් ජලය ඝන මීටර ලක්ෂ 30ක ප්‍රමාණයක් පිරිපහදු කරන බව ද ඔහු සඳහන් කළේය.

එම ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා විවිධ ජල මූලාශ්‍ර භාවිතයට ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

දිවයින පුරා ඇති භූගත ජල මූලාශ්‍ර 59කින් දිනකට ජලය ඝන මීටර 77,000ක් පමණ ලබාගන්නා අතර, ජලාශ 59කින් තවත් ජලය ඝන මීටර 712,000ක පමණ ප්‍රමාණයක් ලබාගැනීමට කටයුතු කරනු ලබයි.

මීට අමතරව දෛනික ජල පිරිපහදු කටයුතු සඳහා අවශ්‍ය ඉතිරි ජල ප්‍රමාණය වන ඝන මීටර ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් ගංගා, ඇළ දොළ සහ අනෙකුත් ජල මූලාශ්‍රවලින් ලබාගන්නා බව ද මෙහිදී සඳහන් කෙරිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button