ප්‍රධාන පුවත්

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහන 19 වැනිදා ඇරඹේ

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහන ලබන 19 වැනිදා බදුල්ලේදී නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මෙය ජාතික නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩසටහනකි.

ශාසනය වෙනුවෙන් සිය දරුවන් පැවිදි කර ඇති නමුත්, ජීවත්වීමට සුදුසු ස්ථිර නිවසක් නොමැති දෙමාපියන්ට මෙම වැඩසටහන යටතේ සහාය ලබාදීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහන යටතේ

එවැනි පවුල් සඳහා නිවාස ඉදිකිරීමට රුපියල් ලක්ෂ 15ක නැවත අය නොකරන රජයේ නිවාස ආධාරයක් ලබාදීමට නියමිත අතර, ඊට අවශ්‍ය මූල්‍ය දායකත්වය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදෙනු ඇත.

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ ක්‍රියාත්මක කිරීම

වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. නිවාස ඉදිකිරීම් සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය එම අධිකාරියේ තාක්ෂණික නිලධාරීන් විසින් ලබාදීමට නියමිතය.

මේ අතර, අදාළ ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button