ප්‍රධාන පුවත්

මනූෂගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන්නැයි ඉල්ලීම

දූෂණ චෝදනාවකට අදාළව ඇප මත සිටින හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ ඉල්ලීම පිළිබඳ අල්ලස් කොමිසමේ ස්ථාවරය ජූනි 02 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (26) නියෝග කළේය.

අදාළ ඉල්ලීම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බැවින් දැනට ක්‍රියාත්මක විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසයි.

ඒ අනුව, එම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ මතය ලබන 02 වනදා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් අතර, දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සුදුසු නියෝගයක් ලබාදෙන බවද අධිකරණය සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button