
ප්රධාන පුවත්
මාතරින් නීතිවිරෝධී ලෙස මිල වෙනස් කළ යූරියා පොහොර කිලෝ 50 ඇසුරුම් 179ක් වටලයි
මාතර ප්රදේශයක නීතිවිරෝධී ලෙස යූරියා පොහොර මිල සහ තොරතුරු වෙනස් කර විකිණීමට සූදානම් කර තිබූ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්රික් කාර්යාලයට ලද පැමිණිල්ලක් අනුව මෙම විශේෂ වැටලීම ක්රියාත්මක කර තිබේ.
එම ස්ථානය පරීක්ෂා කිරීමේදී, මිල සටහන් මකා දමා සහ තොරතුරු කූඨ ලෙස සංශෝධනය කළ කිලෝග්රෑම් 50 බරින් යුතු යූරියා පොහොර ඇසුරුම් 179ක් සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ පොහොර තොගය, ඉදිරි නීතිමය ක්රියාමාර්ග සඳහා මාතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



