
බදාදා රජයේ නිවාඩුව අවලංගුයි – අප්‍රේල් 8 සිට නව තීරණය ක්‍රියාත්මකයි
ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබාදුන් බදාදා දින නිවාඩුව මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි, රජයේ සේවකයින් සඳහා බදාදා දිනයට ලබාදී තිබූ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, මෙම නව තීරණය අප්‍රේල් 8 වන බදාදා සිට බලපැවැත්වෙන බවයි.
රට තුළ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන භාවිතය සීමා කර සංචිත රැක ගැනීමේ අරමුණින්, සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.
ඒ අනුව, පසුගිය මාර්තු 17 වනදා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් එම තීරණය ක්‍රියාත්මක කර තිබුණි.
නව සංශෝධනය අනුව, එම විශේෂ නිවාඩු ක්‍රමය දැන් සිට ඉදිරියට අත්හිටුවා ඇති අතර, රජයේ සේවකයින්ට සාමාන්‍ය සේවා කාලසටහනට අනුව සේවයට වාර්තා වීමට සිදුවේ.



