
ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමේ හැකියාවක් – නියෝජ්‍ය වෙළෙඳ ඇමති
පවතින ජාත්‍යන්තර යුදමය තත්ත්වයන් හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමේ ප්රවනතාවයක් ඇති විය හැකි බව නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.
අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ලෝකයේ පවතින තත්ත්වයත් සමඟ භාණ්ඩ මිල වැඩිවීම සම්පූර්ණයෙන් වැළැක්වීම අසීරු කරුණු කිහිපයක් පවතින බවයි.
විශේෂයෙන්ම වර්තමානයේ ලොව පුරා ඉන්ධන ප්‍රවාහනය සහ බෙදාහැරීමේ ක්‍රියාවලියට බලපා ඇති බාධා හේතුවෙන් එම තත්ත්වය ආනයනික භාණ්ඩවල මිලටද බලපාන බව ඔහු පැහැදිලි කළේය.
එම බලපෑම් අවම කරමින් මෙරටට භාණ්ඩ සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද මෙතෙක් භාණ්ඩ ආනයනය කළ රටවලට අමතරව නව රටවල් කිහිපයකින්ද භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“පවතින යුදමය තත්ත්වය ලෝකයේ අනෙකුත් රටවලටත් බලපෑම් එල්ල කරලා තියෙනවා. ඉන්ධන සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී යම්කිසි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. දැනට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වගේ ගිහින් තියෙනවා. ඉන්ධන මිල සහ ඉන්ධන සැපයීමේ යම් යම් අඩුවක් පාඩුවක් නිසා බෙදාහැරීමේ ජලයේ යම් අඩුවීමක් තියෙන් පුළුවන් ඒ නිසා භාණ්ඩ ආනයනයේ දී මිල වැඩිවීමක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් වර්ථමාන ආණ්ඩුව මේ ගැන සැලකිලිමත් වෙමින් අඛණ්ඩව භාණ්ඩ සැපයුම් කිරීම සම්බන්ධයෙන් ආනයන කරන රටවල් මෙතෙක් කරපු රටවල් වලට අමතරව නව ආනයනය කිරීම සඳහා රටවල් සොයමින් මැදිහත් වෙමින් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා භාණ්ඩවල හිඟයක් ඇති වීමට ඇති ඉඩකඩ අඩුවෙයි කියලා අපි විශ්වාස කරනවා. යම් ප්‍රමාණයක මිල වැඩිවීමක් තියෙනවා අපිට එක වළක්වන්න බැරි සීමාවල් වල තියෙනවා ඒ නිසා මිල වැඩි වීමේ යම් ප්රවනතාවක් වෙන්න පුළුවන්.”



