ප්‍රධාන පුවත්

ඉන්දන සලාකය ප්‍රමාණවත් නැ – GMOA

පවතින තත්වය හමුවේ මෙරට රජවවිසින් අද ( 15 ) දින සිට ඉන්දන ලබාගැනීම සඳහා QR ක්‍රමවේදයක් හදුන්වා දුන්නද එමගින් ලබාදෙන ඉන්ධන සලාකය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

 

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, නිවසින් බැහැර ප්‍රදේශයන් හී රාජකාරියේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් ඇතුලු  පරිපාලන වෛද්‍යවරුන්ට රාජකාරී ඉටුකිරීමට රෝහල් වෙත ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවය. 

 

එම නිසා දැනට ප්‍රකාශයට පත් කර ඇති සලාක ක්‍රමය තුළ සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් ලෙස මුහුණපාමින් පවතින ප්‍රායෝගික ගැටලු හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් ලබාදීම කඩිනම් කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button