ප්‍රධාන පුවත්

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකා සංචාරයක – උසස් මට්ටමේ සාකච්ඡා රැසකට සැලසුම්

ඉන්දීය උප ජනාධිපති මහතාගේ ශ්‍රී ලංකා දෙදින නිල සංචාරය සම්බන්ධයෙන් පූර්ව සැලසුම් සාකච්ඡා අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

මෙම හමුවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ මහතා එක්ව සිටි අතර, සංචාරයේ වැඩසටහන් හා ප්‍රධාන කරුණු පිළිබඳව විස්තරාත්මකව අවධානය යොමු කර තිබේ.

එම සංචාරය අතරතුරදී, ඉන්දීය උප ජනාධිපතිවරයා මහතා සහ අග්‍රාමාත්‍ය මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තවද, ඉන්දීය රජයේ ආධාර යටතේ දැනටමත් අවසන් කර ඇති ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගිතා උපදේශක Maitrey Kulkarni, දේශපාලන උපදේශක මහතා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද සහභාගී වූහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button