ප්‍රධාන පුවත්

ශානි සහ රවීට එරෙහි පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

ශානි සහ රවීට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් අදාළ පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබේ.

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් ඉන් එක් පෙත්සමක් ගොනුකර තිබුණි.

එමෙන්ම, සිරිල් ගාමිණී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණු හේතුවෙන්ද අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත්, අදාළ පෙත්සම් දෙක විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button