
උණුසුම් පුවත්
බගවන්තලාව බස් අනතුරක්: පාසල් සිසුන් 34ක් තුවාලයි
බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයෙන් නගරයේ පාසල් වෙත සිසුන් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) උදෑසන 7.30ට පමණ අනතුරකට ලක්වී, එහි ගමන් කළ පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලබා ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ සියලුම සිසුන් වහාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතරින් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා තිබේ.
අනතුර සිදුවීමට හේතුව ලෙස සැලකෙන්නේ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසි කාර්මික දෝෂයක් බවයි. එම අවස්ථාවේ රියදුරා බස් රථය නතර කිරීමට උත්සාහ කරමින් ප්‍රධාන මාර්ගයේ පස් කන්දකට ගැටීමට යොමු කර ඇති බව වාර්තා වේ.
බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අනෙකුත් සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
මෙම අනතුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.



