අධ්‍යාපන

2025/26 සරසවි ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම අදින් ආරම්භයි – මැයි 19 දක්වා අවස්ථාව

2025 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම අද (28) සිට ආරම්භ වී මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527 දෙනෙකු, එනම් 62.64%ක් සරසවි වරම් හිමි කරගෙන තිබේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මාර්තු 31 වනදා රාත්‍රියේ නිකුත් කළ අතර, එම විභාගයට අපේක්ෂකයින් 281,810 දෙනෙකු පෙනී සිටියහ.

එසේම අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගයෙන් සිසුන් 30,000කට අධික සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් වී ඇති බවද වාර්තා වේ.

සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් පාසල් සිසුන් සංඛ්‍යාව 7,477ක් වන අතර, එය සමස්තයේ 3.38%කි. එයට අමතරව පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකුද සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබාගෙන තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button