අධ්‍යාපන

රුහුණු කෘෂි පීඨයේ වෛරස් උණක් – Online අධ්‍යයන කටයුතු

 

රුහුණු කෘෂි පීඨයේ වෛරස් උණක් පැතිර යාම හේතුවෙන් අවසන් වසරේ සිසුන් හැර අනෙකුත් සියලුම සිසුන්ගේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ.

පසුගිය සති දෙකක පමණ කාලය තුළ දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන් 30 දෙනෙකු පමණ වෛරස් උණ රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බව වාර්තා වේ.

රෝගී තත්ත්වය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව අදාළ සිසුන්ගේ අධ්‍යයන කටයුතු Online ක්‍රමයට පවත්වාගෙන යාමට නියමිතය.

විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කරන්නේ මෙම මාර්ගගත අධ්‍යයන ක්‍රමවේදය එළැඹෙන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button