අද විශේෂ

ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබී බිළිඳියකගේ මළ සිරුරක්

අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) දිනයේ නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබී සොයාගත් බව නුවරඑළිය පොලිසිය පවසයි.

 

ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවයේ නියුතු කාර්ය මණ්ඩලය විසින් ලබා දුන් තොරතුරු මත මෙම සිරුර සොයා ගැනීමට හැකි වී ඇත.

 

ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එක්ව සිරුර ජලාශයෙන් ගොඩ ගෙන ඇති බවද සඳහන්වේ.

 

ජලාශයෙන් සොයාගත් එම අලුත උපන් බිළිඳියගේ පෙකණි වැලේ කොටසක් තවමත් සිරුරට සම්බන්ධව පැවති බව පොලිසිය සඳහන් කරයි.

 

ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button