
සංවර්ධන නිලධාරීන්ගේ උපවාසයට සජිත් දෙවැනි දිනටත් එක්වෙයි.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) දෙවැනි දිනටත් සහභාගී විය.
තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා මෙම උපවාසය ආරම්භ කර ඇති අතර, අදට එය දින හතක් සම්පූර්ණ කර ඇත.
මොවුන් වසර හතක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිටි.
උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා එම නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලූ අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළේය.
“මම අදත් මෙතනට ආවේ මගේත්, සමගි ජන බලවේගයේත්, සමගි ජන සන්ධානයේත් පමණක් නොව පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේම උපරිම සහයෝගය මෙම ගුරු සංවර්ධන නිලධාරීන්ට ලබා දීමටයි. අවුරුදු 5ත් 10ත් අතර කාලයක් දරුවන්ට උගන්වපු මේ නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමට අයිතියක් නැද්ද? ඒ සඳහා තහනමක් ඇයි තිබෙන්නේ? මේකට පැහැදිලි විසඳුමක් තියෙනවා, රජයත් ඒක දන්නවා. එහෙත් මේ වන විට රජය පොරොන්දු වූ දේ ඉටු නොකර මෙම ගැටලුවෙන් පැන යාමට උත්සාහ කරනවා. ආණ්ඩුව බොරු පොරොන්දු දුන් නිසාම තමයි මේ අය මාරාන්තික උපවාසයකට යොමුවී තිබෙන්නේ. මේ ගුරුවරුන්ට සාධාරණයක් ඉටුවෙන තුරු අපි නිරන්තරයෙන්ම ඔවුන් සමඟ සිටිනවා.”



