දේශපාලන

ජනපතිගේ ජන රැලි මාලාව අදින් ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජනපතිගේ ජන රැලි මාලාව අද පස්වරුවේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” යන තේමාව යටතේ මෙම ජන රැලි මාලාව සංවිධානය කර ඇති අතර, එහි පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, පළමු ජන රැලිය අද පස්වරු 2.00ට බුලත්සිංහල නගරයේදී පැවැත්වීමට නියමිත අතර, පස්වරු 3.30ට බේරුවල නගරයේදී තවත් ජන රැලියක් පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලි මාලාවේ පළමු අදියර මෙලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button