දේශපාලන

එජාප 80 වැනි සංවත්සර සැමරුම අද කොළඹදී

එජාප 80 වැනි සංවත්සර සැමරුම අදයි

අද (06) එජාප 80 වැනි සංවත්සර සැමරුම සංවිධානය කර තිබේ, වසර 80ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන එක්සත් ජාතික පක්ෂය.

පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ වැඩසටහන අද පෙරවරු 9.00ට පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය 1946 වසරේ සැප්තැම්බර් 6 වැනිදා කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී ආරම්භ කර ඇත.

එහි පළමු නායකයා ලෙස ඩී.එස්. සේනානායක මහතා පත්වූ අතර, එච්.ඩබ්ලිව්. අමරසූරිය මහතා ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ශ්‍රීමත් රාසීක් ෆරිඩ් මහතා සහ ජේ.ආර්. ජයවර්ධන මහතා භාණ්ඩාගාරිකවරුන් ලෙස තේරී පත්ව තිබේ.

පක්ෂයේ වර්ණය ලෙස හරිත වර්ණයත්, පක්ෂ සලකුණ ලෙස අලියාත් තෝරාගෙන ඇත.

පක්ෂය ආරම්භ කළ දා සිට ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස ඇතුළු ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් පක්ෂයට නායකත්වය ලබාදී තිබේ.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයට පත්වූ අතර, මේ දක්වා එම වගකීම දරමින් පක්ෂයේ කටයුතු මෙහෙයවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button