
මේ වසරේ ඩෙංගු රෝගීන් 96,228ක් – මරණ 73යි
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 96,228 දෙනෙකු දිවයින පුරා වාර්තා වී ඇති අතර, ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව සැප්තැම්බර් මාසයේ පළමු දින 04 තුළ පමණක් ඩෙංගු රෝගීන් 737 දෙනෙකු වාර්තා වී ඇත.
මාසික වාර්තා සැලකීමේදී මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි.
ජුනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර, අගෝස්තු මාසයේදී 10,155ක්, මැයි මාසයේදී 8,590ක් සහ ජනවාරි මාසයේදී 7,866ක් ලෙස ඩෙංගු රෝගීන් හඳුනාගෙන තිබේ.
පළාත් අනුව සලකා බැලීමේදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එම පළාතෙන් රෝගීන් 50,851ක් වාර්තා වී ඇත.
එය මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 52.84%කි.
මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,950ක්, මධ්‍යම පළාතෙන් 8,818ක් සහ සබරගමුව පළාතෙන් 7,925ක් වාර්තා වී තිබේ.



