ප්‍රධාන පුවත්

නොර්වුඩ්හි නීතිවිරෝධී මැණික් ගැරූ 07ක් අල්ලයි

නොර්වුඩ්, හළුවැල්ල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගැරීමේ නිරතව සිටි සැකකරුවන් 07 දෙනෙකු මැණික් ගැරීමට භාවිත කළ උපකරණ සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

නොර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයින් වයස අවුරුදු 24ත් 43ත් අතර වන අතර, ඔවුන් නොර්වුඩ් සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button