ප්‍රධාන පුවත්

ඩොලර් මිලියන 2.5 සිද්ධිය ගැන අද මුදල් කාරක සභාවේ විශේෂ සාකච්ඡාවක්

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයකට අයත් ලෙස සොරකම් වී ඇතැයි කියන සිද්ධිය පිළිබඳව අද (28) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීමේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කාරක සභාවට කැඳවන්නේද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බව, කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් කාරක සභාව විසින් සිදුකරන පරීක්ෂණ සඳහා රජය පූර්ණ සහය ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button