ප්‍රධාන පුවත්

පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වනවා – හර්ෂ

මහ බැංකුව පොලී අනුපාත ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙරට ආර්ථික වර්ධනය තවදුරටත් අඩාල විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පොලී අනුපාත ඉහළ දැමීම ආර්ථික වර්ධනයට අහිතකර බව හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි

පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, එමගින් ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා වී රට අපේක්ෂා කරන ආර්ථික වර්ධනය සහ සංවර්ධනය පහත වැටිය හැකි බවයි.

සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මහ බැංකුව උද්ධමනය ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා කිරීමට පොලී අනුපාත ඉහළ නංවන බවත්, එම ක්‍රියාමාර්ගය ආර්ථික වර්ධනයට අහිතකර විය හැකි බවත් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම, මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.7ක් ලෙස වාර්තා වුවද, ඉන් සියයට 0.7ක දායකත්වයක් බදු ආදායමෙන් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ අපේක්ෂිත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම මෙන්ම එහි ප්‍රතිලාභ ජනතාව අතර බෙදී යාමද තවදුරටත් ප්‍රමාද විය හැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා,

”මහ බැංකුව දිගින් දිගටම කියන දේ තමා දැන් උද්ධමනය 9%ට යනවා. ඒ නිසා ඉල්ලුම පැත්තෙන් උද්ධමනය පාලනය කිරීම සඳහා මිනිස්සුන්ට වියදම් කරන්න තියෙන ප්‍රමාණය අඩු කරන්න පොලී අනුපාත ඉහළ දානවා කියලා. එතකොට ඕකෙන් වෙන්නේ අර බලාපොරොත්තු වෙන වර්ධනය, සංවර්ධනය තවදුරටත් පල්ලෙහාට බහිනවා. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා දන්න නැති දෙයක් තමයි ආර්ථික වර්ධනය 4.7ක් කියලා කිව්වට, ඕකෙන් 0.7 තියෙන්නේ බදු. එතකොට මේ බදු හරහා විශාල විදිහට ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා කියන එක තමයි ඇත්ත වශයෙන්ම දත්ත ටික හරියට විශ්ලේෂණය කරගත්තොත් කෙනෙක්ට පේන්නේ. ඉතින් මට පේන්නේ බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය, ජනතාවට ඒ වර්ධනයේ ප්‍රතිඵල බෙදී යෑම තවදුරටත් ප්‍රමාද වෙන එක තමයි වෙන්නේ…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button