ව්‍යාපාරික

රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළට

2026 වසර ආරම්භයේ සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 6.9කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.

රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළ යාම ගැන මහ බැංකුවෙන් අනාවරණයක්

රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව පසුගිය නොවැම්බර් 20 වනදා වනවිට මෙම අවප්‍රමාණය වාර්තා වී තිබේ.

මීට පෙර නොවැම්බර් 13 වනදා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ දැක්වුණේ වසර ආරම්භයේ සිට රුපියලේ අවප්‍රමාණය සියයට 6.8ක් ලෙස පැවති බවයි.

ඒ අනුව සතියක කාලයක් තුළ රුපියලේ අවප්‍රමාණ අනුපාතය ප්‍රතිශතාංක 0.1කින් ඉහළ ගොස් ඇත.

මෙම දත්ත මගින් පෙන්නුම් කරන්නේ වසර ආරම්භයේ පැවති අගයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් දුර්වල වී ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button