
උණුසුම් පුවත්
නාමල් රාජපක්ෂට අධිචෝදනා 24ක් – එයාර් බස් ගනුදෙනුව අධිකරණයට
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අධිචෝදනා 24ක් ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.
නාමල් රාජපක්ෂට අධිචෝදනා 24ක් ගොනු කර ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කොමිසම මේ බව සඳහන් කර ඇත.
එම අධිචෝදනා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති බව ද අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දැනුම් දී තිබේ.
ඒ අනුව, අදාළ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ඉදිරිපත් කර ඇති බව අධිකරණයට වාර්තා වී ඇත.



