
කොදෙව්වෝ විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජයගනිති
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස තමන් සතු කර ගැනීමට කොදෙව්වෝ අද (15) සමත් වූහ.
ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී ශ්රී ලංකාව කඩුලු 5කින් පරාජය කරමින් ඔවුන් තරගාවලි ජය තහවුරු කළේය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 169ක් රැස් කළේය. එහිදී දුනිත් වෙල්ලාලගේ පන්දු 28කින් ලකුණු 43ක් ලබා ගනිමින් ශ්රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.
කොදෙව් පන්දු යවන්නන් අතර ශමාර් ජෝසෆ් කැපී පෙනුණු අතර ඔහු ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත්තේය.
ලකුණු 170ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 19යි පන්දු 4ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.
ජයග්රාහී ඉනිම වෙනුවෙන් Sherfane Rutherford පන්දු 40කදී ලකුණු 54ක් රැස් කළ අතර, Rovman Powell ලකුණු 33ක් සහ Shimron Hetmyer පන්දු 19කදී ලකුණු 32ක් ලබා දෙමින් වැදගත් දායකත්වයක් දැක්වූහ.
ශ්රී ලංකා පන්දු යවන්නන් අතර වනිඳු හසරංග කැපී පෙනුණු අතර ඔහු සිය පන්දුවාර 4 තුළ ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තේය.



