ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කිරීමට අවසර

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා අද (13) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේදී සිදුකළ හැකියි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ අභියෝගයට ලක්වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායකවරයා විසින් මෙලෙස සභාවට නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.

අධිකරණ තීරණයට අනුව, අදාළ පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි අතර, එසේ නොමැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන සිදු කිරීමෙන් පසුව සරල බහුතරයකින් සම්මත කරගැනීමට ද හැකියාව පවතී.

පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව අධිකරණය පෙන්වා දී තිබුණද, පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමෙන් එම ව්‍යවස්ථානුකූල නොවන තත්ත්වයන් නිවැරදි කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button