
ප්‍රධාන පුවත්
විදුලි ගාස්තු සංශෝධන තීරණය මාර්තු අවසානයේ
ඉන්ධන මිල සහ ගෑස් මිල ඉහල යාමත් සමග මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ (PUCSL) තීරණය මෙම මස අවසානය වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවලියක් භාර දී තිබුණි ඒ අප්‍රේල් සිට ජූනි දක්වා වන කාල සීමාවට අදාළවයි.
එමෙන්ම මේ පිළිබඳ මහජන අදහස් විමසීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන ඇති අතර, අද එහි තෙවන දිනය ලෙස මහජන අදහස් විමසීමේ කටයුතු මාතලේ දිස්ත්‍රික්කයේදී සිදුකෙරේ.



