යුද්ධ සහ ගැටුම්

ඉරාන-අමෙරිකා සාම එකඟතාවක් ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිදු ගාස්තුවකින් තොරව විවෘත වන අතර අමෙරිකානු නාවික අවහිරතාද අවසන් වන බවය. එමෙන්ම “ලෝකයේ සියලුම නැව්, ඔබේ එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ හරින්න” යනුවෙන් ද ඔහු සටහන් කර ඇත.

මේ අතර, ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ගිවිසුමේ ඇතුළත් නිශ්චිත කොන්දේසි මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button