
යුද්ධ සහ ගැටුම්
ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
ඛාර්ග් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඉරාන තෙල් නැවකට අමෙරිකාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව සඳහන් වන අතර, නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, අමෙරිකානු මධ්‍යම බලකායද මේ පිළිබඳව ප්‍රතිචාර දක්වා නොමැත.
මේ අතර, පසුගිය අගෝස්තු 31 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඛාර්ග් දූපත විනාශ වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
ඛාර්ග් දූපතට ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට ඉරානය මීට පෙර අනතුරු අඟවා තිබීමද විශේෂත්වයකි.



