
දුරගමන් බස් රථවල ආරක්ෂාවට AI තාක්ෂණය හඳුන්වාදෙයි
දුරගමන් සේවා පුද්ගලික බස් රථවල මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා AI තාක්ෂණය යොදාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සම්බන්ධීකරණයෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙහෙයවීම යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
එහි පළමු අදියර යටතේ දුරගමන් පුද්ගලික බස් රථ සඳහා AI තාක්ෂණික උපකරණ සවිකිරීම අද (5) කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී සිදුකර තිබේ.
මූලික අදියරේදී බස් රථ 10කට AI පද්ධති සවිකිරීමට නියමිත අතර, එහි ක්‍රියාකාරීත්වය සහ සාර්ථකත්වය ඇගයීමෙන් පසු දිවයින පුරා ධාවනය වන අනෙකුත් බස් රථ සඳහාද මෙම තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
මෙම AI තාක්ෂණය මගින් රියදුරන්ට දඬුවම් කිරීමේ අරමුණින් නොව, ගමන ආරම්භයේ සිට අවසානය දක්වා බස් රථයේ අභ්‍යන්තර පරිසරය සහ රියදුරුගේ ක්‍රියාකාරකම් අඛණ්ඩව නිරීක්ෂණය කෙරේ.
ධාවනය අතරතුර රියදුරුට නිදිමත හෝ අධික වෙහෙසක් ඇතිවීම, ජංගම දුරකථනය භාවිත කිරීම හෝ ආසන බඳපටිය නොපැළඳීම වැනි අනාරක්ෂිත ක්‍රියා හඳුනාගතහොත්, Voice Message මගින් රියදුරුට අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට පද්ධතියට හැකියාව පවතී.
එමගින් රිය අනතුරු අවම කරමින් දුරගමන් බස් සේවාව තුළ වඩාත් ආරක්ෂිත ගමනාගමනයක් ඇති කිරීම අපේක්ෂා කෙරේ.



