අධ්‍යාපන

ශිෂ්‍යත්ව විභාගය 2026 අයදුම්පත් කැඳවීම ඇරඹේ – අවසන් දිනය අප්‍රේල් 30

2026 අගෝස්තු මස 9 වන ඉරිදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (30) දින සිට ආරම්භ වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ 2026 අප්‍රේල් 30 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා පමණක් වන අතර, කිසිදු හේතුවක් මත එම අවසන් දිනය දිගු නොකරන බවද අදාළ අංශය අවධාරණය කර ඇත.

මෙම විභාගයට අයදුම් කිරීමට සුදුසුකම් ලැබෙන්නේ රජයේ පාසල්වල හෝ රජය විසින් අනුමත කළ පෞද්ගලික පාසල්වල 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන්ට පමණි.

තවද, ශිෂ්‍යාධාර ලබාදීම සීමා වන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල, 2027 ජනවාරි 31 වන විට වයස අවුරුදු 11ට අඩු සිසුන් සඳහා පමණක් බවද විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගතව වන අතර, අදාළ උපදෙස් https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇත.

වැඩි විස්තර – 0112 784 537 / 0012 786 616 / 0112 784 208 / 0112 786 200 /0112 784 201/
ක්ෂණික දුරකථන – 1911

ෆැක්ස් අංකය – 0112 784 422

විද්‍යුත් ලිපිනය – http://gr5schexam@gmail.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button