උණුසුම් පුවත්

දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර

දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනය සඳහා පසුගිය වසරේ සහභාගී වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ට මෙවරත් අවසර ලබාදීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් අද (27) මාතර දිසාපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එමෙන්ම හෙට (28) පැවැත්වෙන පෙරහැර සඳහා අතිරේක පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ආරක්ෂක රාජකාරි සඳහා යෙදවීමට ද එහිදී තීරණය කර ඇත.

Excerpt: දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනය සඳහා පසුගිය වසරේ සහභාගී වූ කණ්ඩායම් 45ට මෙවරත් අවසර ලබාදී ඇති අතර, පෙරහැරේ ආරක්ෂාව සඳහා අතිරේක STF සහ පොලිස් බලකායද යෙදවීමට තීරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button