ප්‍රධාන පුවත්

ඉන්දීය ආධාර ව්‍යාපෘතිවල ගැටලු ගැන විශේෂ සාකච්ඡාවක්

ඉන්දීය ආධාර ව්‍යාපෘති සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සඳහා කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර අද (27) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

මෙහිදී ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවල පවතින බාධා, ඒවා ඉක්මනින් විසඳා ගැනීමට ගත හැකි පියවර සහ අදාළ ගිවිසුම් යාවත්කාලීන කරමින් ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමේ ක්‍රමවේද පිළිබඳ පුළුල් ලෙස අදහස් හුවමාරු වී ඇත.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන, වරාය හා සිවිල් ගුවන් සේවා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්, නිවාස හා ජල සම්පාදන, ධීවර, ජලජ හා සාගර සම්පත්, විද්‍යා හා තාක්ෂණ මෙන්ම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති ද මෙම සාකච්ඡාවට ඇතුළත් විය.

මීට අමතරව, ආපදා හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය රජයෙන් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය ද සමාලෝචනය කර ඇත.

එමෙන්ම ඉන්දීය ආධාර ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සහ ඒවායේ ප්‍රගතිය නිරන්තරයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button