උණුසුම් පුවත්

කටුවාන ගින්නෙන් පුද්ගලයින් 5ස් දෙනෙකු ජීවිතක්ෂයට

කටුවාන ගින්නෙන් 5ක් මරුට බව හෝමාගම පොලීසිය තහවුරු කර තිබේ.

අද (21) හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් මාරාන්තික ගින්නෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගින්න හටගත් වහාම ගිනි නිවීමේ සහ හදිසි ආරක්ෂක කණ්ඩායම් ස්ථානයට කැඳවා මෙහෙයුම් ආරම්භ කළ අතර, ගින්නෙන් සිදුවූ හානි පිළිබඳ වැඩිදුර තක්සේරු කිරීම්ද මේ වනවිට සිදුකරමින් පවතී.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button