
එල්-නිනෝ තත්ත්වයට සූදානම් වීමට දෙවන සාකච්ඡාව
එල්-නිනෝ තත්ත්වය හමුවේ රට මුහුණ දිය හැකි දේශගුණික බලපෑම් අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (20) පස්වරුවේ පැවති මෙම රැස්වීමේදී, ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා ක්‍රියාත්මක කළ යුතු සැලසුම් පිළිබඳ අවධානය යොමු කෙරිණි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ පුරෝකථනය අනුව, එල්-නිනෝ තත්ත්වයක් වර්ධනය වීමේ අවදානම සියයට 81ක් දක්වා පවතින බව මෙහිදී සඳහන් වූ අතර, කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, වැවිලි ක්ෂේත්රය, ජල කළමනාකරණය සහ බලශක්ති අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය විය.
ඒ අනුව අදාළ රාජ්‍ය ආයතන විසින් සකස් කර ඇති කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රියාකාරී සැලසුම් සවිස්තරාත්මකව සමාලෝචනය කළ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන පදනම් කරගනිමින් බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය විසඳුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.



