ප්‍රධාන පුවත්

මෙරට වෛද්‍යවරයෙක් බිහි කිරීමට රජයට ලක්ෂ 60කට අදික වියදමක් – ඇමති උපාලි පන්නිලගේ හෙළිදරව්ව

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා ජනතා බදු මුදලින් රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් රජය විසින් වැය කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු මෙම අදහස් පළ කළේ අද (04) පෙරවරුවේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, අනෙකුත් වෘත්තීන් සමඟ සසඳන විට වෛද්‍ය ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාලයකින් වෛද්‍යවරයෙකු ලෙස පිටත් කිරීම සඳහා රජය ඉතා වැඩි මුදලක් ආයෝජනය කරන බවයි.

ඒ සමඟම, ඉංජිනේරුවෙකු බිහි කිරීම සඳහා රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 30ක් පමණ වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම, අපේ ආණ්ඩුවත් නිදහසෙන් පසුව බලයට පත් වුණ හැම ආණ්ඩුවක්ම කල්පනා කළේ, නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න. දැනටත් අපි කල්පනා කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවය ජනතාවට පුළුවන් ප්‍රමාණයක් ලබා දෙන්න. පුද්ගලයෙක්ගේ පර්ස් එකේ තියෙන සල්ලි මත ඒ පුද්ගලයා ජීවත් වෙනවා ද මිය යනවා ද කියන එක තීරණය කරන්න හොඳ නැහැ කියන එක අපි නිතරම කියන දෙයක්. ඒ නි සා අපි හැකිතාක් උත්සහ කරනවා නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්න. 

බටහිර වෛද්‍ය විද්‍යාලව ලෝකයේ වේගයෙන් දියුණු වෙනවා. ලංකාවේ වැඩිම බදු මුදලක් වැය කරන්නේ වෛද්‍යවරයෙක් බිහි කරන්න. අපේ රටේ ජනතාව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන වෛද්‍ය සිසුවා අවුරුදු පහකට පස්සේ ඉන් පිට කිරීම සඳහා රුපියල් ලක්ෂ 60ක් වැය කරනවා. ඉංජිනේරුවරයෙක් බිහි කරන්න අපි වැය කරන්නේ ලක්ෂ 30යි. ඒ වගේ දෙගුණයක් මේ රටේ බදු ගෙවන ජනතාව වැය කරනවා. අපේ රටේ ඉන්නවා 35,000ත් 38,000ත් අතර වෛද්‍යවරු ඉන් 25,000ක් 28,000ක් පමණ රජයේ රෝහල්වල සේවය කරනවා. මේ අය සමාජයේ සුවිශේෂි වගකීමක් දරන අයයි. ඔවුන්ගෙන් සුවිශේෂි සේවාවක් මේ සමාජය අපේක්ෂා කරනවා.”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button