ප්‍රධාන පුවත්

ඕමානයේ බැංකුවකින් සැකසහිත මුදල් තොගයක්

ආසියානු රටකින් සයිබර් අපරාධකරුවන් විසින් පැහැරගෙන ගිය බවට සැක කෙරෙන අමෙරිකානු ඩොලර් මිලියන 6.6ක මුදලක් ඕමානයේදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මුදල ඕමානයේ බැංකුවක් හරහා දේශීය මුදල් බවට පරිවර්තනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී,royal oman police  විසින් මෙහෙයුමක් දියත් කර එය වළක්වා තිබේ.

ජාත්‍යන්තර පොලිස් සහයෝගයද ලබාගනිමින් සිදුකළ මෙම මෙහෙයුම හරහා මුදල් සුරක්ෂිත කරගෙන ඇති අතර, එය අයත් ආසියානු රට කුමක්ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.

මේ අතර, පසුගියදා ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් 625,000ක් අස්ථානගත වූ බවට වාර්තා වීමත් සමඟ, ඕමානයෙන් සොයාගත් මුදල් අතර ශ්‍රී ලංකාවට අයත් මුදල්ද ඇත්ද යන්න පිළිබඳ අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවට අමතරව මෑත කාලයේදී වෙනත් ආසියානු රටකින් මෙවැනි විශාල මුදල් අස්ථානගත වීමක් වාර්තා වී නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button