උණුසුම් පුවත්

ගම්පහ ඔස්මන්ඩ් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතන සිද්ධියට ආධාර හා අනුබල ලබාදුන් බවට සැක කෙරෙන ඔස්මන්ඩ් ගුණසේකර නොහොත් “ගම්පහ ඔස්මන්ඩ්” කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, 2025 පෙබරවාරි 19 වනදා කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීන් මගින් ඉදිරිපත් කර සිටි ගණේමුල්ල සංජීව වෙත නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු අනුව, ඊයේ (13) රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

විදේශගත සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති අතර, අපරාධය සඳහා අවශ්‍ය ගිනි අවි ලබාදීම හරහා සැකකරු විසින් සහාය ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 10ක් සහ මැගසින් 02ක්ද සොයාගෙන ඇත.

69 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button