
ඇදුමෙන් වාර්ෂික මරණ 6%ක්
මෙරට තුළ වාර්ෂිකව වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 6ක් පමණ ඇදුම රෝගය හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා පෙන්වා දෙන්නේ, නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමෙන් ඇදුම රෝගය පාලනය කර සුවය ලබාගත හැකි බවයි.
පසුගිය මැයි 5 වනදාට යෙදුණු ලෝක ඇදුම දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා,
“ඇදුම රෝගය ලෝකය පුරාම සුලබව පවතින ලෙඩක්. මිලියන 260ක පමණ ජනතාවක් ලෝකයේ මෙයින් දුක් විදිනවා. මේකෙ තියෙන බලපෑම තමයි විශේෂයෙන් කුඩා දරුවන්ට හා තරුණයින්ට මේක බලපානවා. ලෝකයේ දිනකට මෙම රෝගයෙන් 1000ක් දෙනා මිය යන බව හොයාගෙන තියෙනවා.මෙය බෝ නොවන රෝගයක්”
යනුවෙන් සඳහන් කළේය.



