ව්‍යාපාරික

ඉරාන-අමෙරිකා උණුසුමෙන් ලෝක ඉන්ධන මිල ඉහළට

මැදපෙරදිග කලාපයේ උණුසුම් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදාව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමත් සමඟ මෙම මිල ඉහළ යාම වාර්තා වූ බවයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.75කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 97.8 දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.

අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වීමේ සූදානමක් පැවති අවස්ථාවක යළිත් ගැටුම්කාරී වාතාවරණයක් උද්ගත වී තිබේ.

ඉරානය ප්‍රකාශ කර ඇත්තේ, බන්දාර් අබ්බාස් වෙත එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අද අලුයම ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේවෙතත්, ප්‍රහාර එල්ල වූ නිශ්චිත රටවල් පිළිබඳ තොරතුරු අනාවරණය කර නොමැති අතර, කුවේට් ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර කිහිපයක් සාර්ථකව මැඩපැවැත්වූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button