ප්‍රධාන පුවත්

ඉන්ධන QR කේතය ගැන රජයෙන් නව දැනුම්දීමක්

ඉන්ධන බෙදාහැරීම සඳහා දැනට ක්‍රියාත්මක QR කේත පද්ධතිය ඉදිරියටත් පවත්වාගෙන යන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සඳහන් කර තිබේ.

අද (19) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, රට තුළ ඉන්ධන පරිභෝජනය හැකිතාක් සීමා කර කාර්යක්ෂම කළමනාකරණයක් පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.

එක් එක් වාහන කාණ්ඩ සඳහා දැනට නියම කර ඇති ඉන්ධන කෝටා පහතින් දැක්වේ.

මෝටර් රථය – ලීටර් 25 ක්
ත්‍රීරෝද රථ – ලීටර් 20ක්
වෑන් රථ – ලීටර් 50ක්
යතුරුපැදි – ලීටර් 8ක්
බස් රථ – ලීටර් 100
ඉඩම් වාහනය – ලීටර් 40ක්
ලොරි රථ – ලීටර් 200ක්
විශේෂ කාර්ය වාහනය – ලීටර් 40ක්

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button