
ප්‍රධාන පුවත්
කැකිරාව රජයේ තානායමේ පිපිරීමක්
අද (19) පෙරවරුවේ කැකිරාව රජයේ තානායමේ මුළුතැන්ගෙය තුළ හදිසි පිපිරීමක් වාර්තා වී තිබේ.
එම සිද්ධියෙන් එහි රැඳී සිටි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
පිපිරීම හේතුවෙන් ගොඩනැගිල්ලේ වහලයට මෙන්ම ගෘහ උපකරණ කිහිපයකටද දැඩි හානි සිදුව තිබේ.
මෙම පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැකිරාව පොලීසිය විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.



