
2026 පළමු අර්ධ වසරට ජල ගාස්තු සංශෝධනයක් නැහැ
2026 වසරේ මුල් මාස 06 සඳහා දැනට ක්‍රියාත්මක ජල ගාස්තු වෙනස් නොකර පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
2024 ජූලි 15 දින අනුමත කළ ජල ගාස්තු සූත්‍රයට අනුව, ප්‍රධාන පිරිවැය සාධකවල වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතු වේ.
කෙසේවෙතත්, 2025 වසර සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශයන් ඇසුරෙන් සිදුකළ විශ්ලේෂණයකින් හෙළිව ඇත්තේ, දැනට පවතින ජල ගාස්තු මගින් මෙහෙයුම් වියදම් සම්පූර්ණයෙන් ආවරණය කළ හැකි බවයි.
ඒ අනුව, ජල විකුණුම් ඒකක පිරිවැය ඉහළ දැමීමක අවශ්‍යතාවක් නොමැති බැවින්, 2026 පළමු අර්ධ වසර පුරාම වත්මන් ජල ගාස්තු යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම තීරණයට අදාළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය ද අවසන් එකඟතාව පළ කර ඇත.



