
රුසියානු සහායෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවාව නවීකරණයට පියවර
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණය කිරීම සඳහා රුසියාව සමඟ තාක්ෂණික සහ ආයෝජන සහයෝගීතාව තහවුරු කරමින් නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුව ඇත්තේ රුසියාවේ කසාන් නගරයේ පැවති XVII ජාත්‍යන්තර ආර්ථික සංසදය අතරතුරදී බව වාර්තා වේ.
එම සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සභානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහභාගී වී තිබුණි.
දුම්රිය ප්‍රවාහන ක්ෂේත්රයේ සංවර්ධනය වේගවත් කිරීම, නව තාක්ෂණික පහසුකම් හඳුන්වාදීම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම යන අරමුණු මත රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර මෙම ගිවිසුම ක්‍රියාත්මක කර ඇත.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් සහ නියෝජ්‍ය අමාත්‍ය ඩිමිත්රි ස්වෙරෙව් ද එක්ව සිටියේය.



