
දේශීය අර්තාපල් ගොවීන්ට රජයෙන් නව සහන වැඩපිළිවෙළක්
දේශීය අර්තාපල් ගොවීන්ට සහන සැලසීමේ අරමුණින් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින් ගොවීන්ගෙන් අර්තාපල් කිලෝග්‍රෑම් 1,000 බැගින් සෘජුව මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
මෙලෙස මිලදී ගන්නා අර්තාපල් තොග සීමාසහිත ලංකා සතොස සමාගම වෙත භාරදී එහි දිවයිනපුරා පවතින සිල්ලර අලෙවි ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
දේශීය ගොවීන්ගේ වෙළෙඳපොළ ආරක්ෂා කිරීම සඳහා ආනයනික අර්තාපල් මත කිලෝග්රෑමයකට රුපියල් 80ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්ද මේ වනවිට රජය පනවා තිබේ.
නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ අතරමැදියන් සහ තොග වෙළෙන්දන් විසින් අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 200 සිට 220 දක්වා ගොවිපළ මිලක් නියම කර ඇති බව සඳහන්ය.
ඉදිරියේදී අස්වනු ප්‍රමාණය වැඩිවීමත් සමඟ මිල ගණන් වෙනස් විය හැකි බැවින්, ගොවීන්ට ස්ථාවර වෙළෙඳපොළක් සහතික කිරීම සහ දේශීය සැපයුම ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
අදාළ යෝජනාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා එක්ව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.



