
වගා හානිවලට හෙක්ටාරයකට රු. ලක්ෂ 1ක් දක්වා වන්දි
පසුගිය දිනවල පැවති අධික වර්ෂාවෙන් හානි වූ වගා බිම් සඳහා තක්සේරු කිරීමෙන් අනතුරුව හෙක්ටාරයක් වෙනුවෙන් උපරිම රුපියල් ලක්ෂ 1ක් දක්වා වන්දි ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම වන්දි යෝජනා ක්‍රමය යටතේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ලූණු වගාවන්ට ප්රතිලාභ හිමිවන බව සඳහන්.
හානි සිදුවූ ගොවීන්ට, ඉදිරි දින 14 ඇතුළත අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යන හානි ලේඛනවල තම වගා හානි සටහන් කිරීම අනිවාර්ය කර තිබේ.
මෙම වන්දි ලබාදීම සඳහා ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරික මුදලක් අය නොකරන බවද අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වගා බිම් ජලයෙන් යටවී ඇති අතර, ජලය බැස යාමෙන් පසුව හානි ප්‍රමාණය නිවැරදිව තක්සේරු කිරීමට නියමිතය.
2026 යල කන්නයේ වගා ආරම්භක අවධියේදීම ඇතිවූ මෙම වගා හානි හමුවේ, ගොවීන්ගේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බවත්, ගොවි ජනතාවට උපරිම සහන සැලසීමට අවශ්‍ය උපදෙස් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලබාදී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



