
මීගමුව බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මාරු කළ පසු මරුට
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ මීගමුව බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු අසනීප තත්ත්වයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව බූස්ස බන්ධනාගාරය වෙත මාරු කළ එක් රැඳවියෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යැවූ තවත් රැඳවියෙකු ද එලෙසම මියගොස් ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, රැඳවියන් දෙදෙනාම අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බවයි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු එහි රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් දිවයින පුරා බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් විශේෂ රැස්වීමකට කැඳවා ඇති බව ද වාර්තා වේ.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතර බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ද සිටින බව සඳහන් වේ.
තුවාල ලැබූ පිරිස 100කට ආසන්න වන අතර, ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



