
ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලිය අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි ලියනගේ හෙවත් ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලියට අයත් සාමාජිකයින් තිදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ කඩු 3ක්, රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් ද පොලිස් භාරයට ගත් බවයි.
පොලීසිය පවසන්නේ පසුගිය කාලය තුළ මොරටුව, දෙහිවල සහ ගල්කිස්ස පොලිස් වසම්වලදී ඇල්ටෝ ධර්මේගේ ප්‍රතිවාදීන්ට තියුණු ආයුධ භාවිත කර ප්‍රහාර එල්ල කර මාරාන්තික තුවාල සිදුකර ඇත්තේ, ඔහුගේ සමීපතමයෙකු වන දුමිඳු නැමැත්තාගේ උපදෙස් මත මෙම කල්ලිය විසින් බවයි.
එමෙන්ම පසුගිය 26 වැනි දින මොරටුව පොලිස් වසමේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර බරපතළ තුවාල සිදුකළ සිද්ධියටද මෙම කල්ලිය සම්බන්ධ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය ද් සඳහන් කළේය.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.



