ක්‍රීඩා

කමිඳුට විස්සයි20 ලෝක කුසලාන අවස්ථාවක්?

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතයෙ වෙනසක්, ධනංජය ද සිල්වා ඉවත් කර, ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පැවැත්වීමට නියමිත  T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සංචිත නම් කිරීම සඳහා ලබාදුන් කාලය අදින් දින අවසන් වීමට නියමිතව ඇත.

මේ වනවිට T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් සංචිත නම් කර අවසන්ය.

එක් කුසලානයක් වෙනුවෙන් කණ්ඩායම් 20ක් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 7වන දින ආරම්භ වෙයි.

එහි අවසන් මහා තරගය මාර්තු 8  පැවැත්වීමට නියමිතය.

10වැනි ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.

තරගාවලිය සඳහා කාණ්ඩ 4ක් ඔස්සේ කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔවුන් තරගබිමට පිවිසිමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3කදී සහ ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5කඳි  2026 ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන්නේ B කාණ්ඩයෙනි.
 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button