
වියළි කාලගුණයෙන් 88,068ක් පීඩාවට
වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 6ක 88,068ක් පීඩාවට
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පවුල් 27,475කට අයත් පුද්ගලයින් 88,068 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි, වියළි කාලගුණයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28කට බලපෑම් එල්ල වී තිබේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27කට ජලය
වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල අවශ්‍යතාව මතුව ඇති ප්‍රදේශ සඳහා ජලය බෙදාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක පවුල් 27,048කට අයත් පුද්ගලයින් 86,368 දෙනෙකු සඳහා පානීය ජලය බෙදාදීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මොනරාගලට වැඩිම බලපෑම
පානීය ජලය බෙදාදීමේදී වැඩිම පිරිසක් ආවරණය වී ඇත්තේ මොනරාගල දිස්ත්රික්කයේය.
එහි පවුල් 11,751කට අයත් පුද්ගලයින් 37,890 දෙනෙකු සඳහා පානීය ජලය බෙදාදීමට කටයුතු කර තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 9,547කට අයත් පුද්ගලයින් 28,523 දෙනෙකු සඳහාද පානීය ජලය ලබාදීමට පියවර ගෙන ඇත.
තවත් දිස්ත්‍රික්කවලට ජලය
අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 2,823කට අයත් පුද්ගලයින් 8,847 දෙනෙකුටත්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,227කට අයත් පුද්ගලයින් 8,383 දෙනෙකුටත් පානීය ජලය බෙදාහැරීමට කටයුතු කර තිබේ.
එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 683කට අයත් පුද්ගලයින් 2,646 දෙනෙකුට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 17කට අයත් පුද්ගලයින් 79 දෙනෙකුටද පානීය ජලය ලබාදීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.



