
උණුසුම් පුවත්
අල්ලස් කොමිසමේ නිලධාරීන් රවී කරුණානායකගේ නිවසට
පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස වෙත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පැමිණ තිබේ.
කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මහතාට මීට පෙර දැනුම් දී තිබූ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම දැනුම්දීමට අනුව ඔහු කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ.



